Noize News 

කොරල සහ වරල් පිටින් අමු මාළු ගිල දැමූ වෙදාරච්චි ජාත්‍යන්තරයට – වනචාරී ක‍්‍රියාවක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි

හිටපු රාජ්‍ය ඇමති දිලිප් වෙදාරච්චි විසින් ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාළුවෙක් අමුවෙන් කා දැමීම ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නෙකු විසින් සිදු කරන ලද වනචාරී ක‍්‍රියාවක් ලෙසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒවාට ප්‍රතිචාර දක්වන ඇතැමුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පල කර ඇත්තේ කණගාටුදායක ප්‍රතිචාරයන්ය.

මාළු හොදින් පිසගෙන ආහාරයට ගැනීමෙන් කොරෝනා බෝ නොවන බව මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර ඇතත් අමු මාළු ආහාරයට ගන්නැයි උපදෙස් දී නැති අවස්ථාවකමොහු ප‍්‍රසිද්ධියේ එම මාළුවා කා දැමුවේ කොරල හා වරල් පිටින් අමුවෙන්ය

.

Related posts

Leave a Comment