අමු මාළු කන්න එපා – රෝගාබාධ ගණනාවක් හැදෙන්න පුළුවන් -වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

ඔහු පවසන්නේ මාළුන්ගේ සම තුල බැක්ටීරියාවන් වර්ග සහ ක්‍ෂුද‍්‍ර ජීවී වර්ග ආහාර ජීරණ පද්ධතියට දැඩි ලෙස හානි කල හැකි බවයි.

එමෙන්ම ඔවුන් ඔවුන්ගේ ශරීරයේ බැක්ටීරියා සහ වෛරස් තවත් බොහෝ ප්‍රමාණයක් තිබෙන නිසා අමුවෙන් ආහාරයට ගැනීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බවත් අමුවෙන් මාළු ආහාරයට ගැනීම පෙන්වීම දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බවත් ඔහු සඳහන් කරයි.

ඒ නිසා අනිවාර්යෙන්ම මාළු හොඳින් සෝදා පිරිසිදු කර පිසගෙන ආහාරයට ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු ආහාරයට ගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් දක්වා තිබේ.

+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *