trending 

අමු මාලු කාලා මම නැටුවේ තොවිලයක් – අද මාළු හොඳට විකිණෙනවා, මිලත් ඉහළ ගිහින්- දිලිප් වෙදආරච්චි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී අමු මාළු ආහාරයට ගත්තා.

අද වන විට එම පුවත ලංකාවේ මාධ්‍ය තුළ වගේම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මන්ත්‍රීවරයා පවසන්නේ ඔහු අමු මාළු ආහාරයට ගැනීම හේතුවෙන් අද වන විට මාළු ඉතාමත් ඉහළ ඉහළ මට්ටමකින් විකිණෙන බවයි.මාළු මිල ද ඉහළ ගොස් ඇති බව හෙතෙම සඳහන් කරයි

කෙසේ වෙතත් ඔහු අනුමාන ආහාරයට ගෙන ජනතාවට පෙන්වා දුන්නේ අමු මාළු ආහාරයට ගැනීම නොව මේ මොහොතේ මාළු ආහාරයට ගැනීමට බිය නොවන්නැයි කියා බවත් ඔහු කියා සිටියේය.

රටේ ජනතාව අද මාළු කෑමට බිය ඇති වී තිබෙන බිය නැති කිරීමට තමන් නැටුවේ තොවිලයක් බවද ඔහු පැවසීය.

අද රට වටේම මාළු මිල ඉහළ ගොස් ඇති බව ධීවරයන් තමන්ට අමතක පැවසූ බවත් තමන්ට වුවමනා වූයේ එම බවත් ඔහු තව දුරටත් පැවසීය

.

Related posts

Leave a Comment