Noize News 

” දැන් පවතින්නේ තැන තැන පොකුරු හමුවන තුන්වැනි අදියර- එය පාලනය කිරීම අසීරු කාර්යයක් නොවෙයි” – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

කොරෝනා වෛරසය තවමත් සමාජගත වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
 
 රට මේ වන විට පවතින්නේ තැන තැන පොකුරු හමුවන තුන්වැනි අදියරේ බව ද ඒ මහතා කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද කීය.
 
 මේ දවස්වල රටේ ක‍්‍රියාත්මක වන්නේ මිනුවන්ගොඩ පොකුරයි, පෑලියගොඩ මාළු වෙළෙඳපොළ ආශ‍්‍රිත පොකුරයි, පොලිසියේ පොකුරයි. පවතින ආර්ථික තත්ත්වය අනුව මුළුමනින්ම වසා දැමීමට හැකියාවක් නැහැ. කොරෝනා පාලනය කරන්න වෙන්නේ රට පවත්වාගෙන යන ගමන් තමයි.
 
 ඉහත පොකුරුවල ආශ‍්‍රිතයන් හඹා යෑමේදී දෙවැනි පෙළ ආශ‍්‍රිතයන් යම් පිරිසක් මඟහැරෙන්න පුළුවන්. එහෙත් මේ ආශ‍්‍රිතයන් හොයාගන්න උපරිම උත්සාහ දරනවා.
 
 කොරෝනා තත්ත්වය තාමත් සමාජගත වෙලා නැහැ. එසේ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා වසංගත රෝග විද්‍යා අංශයේ නිර්ණායකවලට අනුකූලවයි. කොරෝනා වෛරසය සමාජගත වුණොත් එය මතුවුණු තැන් පවා සොයාගැනීම දුෂ්කර කාර්යයක් වෙනවා.
 
 දැනට පවතින පොකුරු තත්ත්වය පාලනය කිරීම අසීරු කාර්යයක් නොවෙයි.

Related posts

Leave a Comment