Noize News 

කොරෝනා බිය තුරන් කරන්න හිටපු ධීවර ඇමති දිලිප් අමු මාළු කයි – (VIDEO)

හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදරාච්චි බියෙන් තොරව මාළු මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලමින් අමු මාළු ආහාරයට ගෙන තිබේ.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ධීවර ප්‍රජාවට මහජනයාට කළ හැකි ලොකුම අනුග්‍රහය වන්නේ මාළු සැපයුම් මිලදී ගැනීම බවයි.

කොරෝනා වෛරසය පැතිර යාමේ ප්‍රලයක් ලෙස ධීවර ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ප්‍රකාශ කළ වෙදරාච්චි කියා සිටියේ ඔවුන්ට උදව් කළ හැක්කේ මහජනතාවට මාළු මිලදී ගැනීම පමණක් බවයි.

මේ සම්බන්ධයෙන් මහජනයාට උපදෙස් දීම රජයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ යුතුකම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

හිටපු ධීවර අමාත්‍යවරයා විසින් මාධ්ය සාකච්ඡාව අතරතුර ඔහු විසින් ගෙන එන ලද අමු මාළු ආහාරයට ගත් බව වාර්තා වන අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ ඒවා නැවුම් අමු මාළු බවයි.

එම වීඩියෝව පහතින් …

Related posts

Leave a Comment