Noize News 

”මම කියලා කෙනෙක් නැතිනම් ගෝඨාභය රාජපක්ෂ නමින් ජනාධිපති කෙනෙක් නැහැ” – මන්ත්‍රාචාර්ය මහේන්ද‍්‍ර ප‍්‍රනාන්දු

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙරට පුද්ගලයන් ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් විවිධ බන්ධන කර තිබූ බවත් තමන් කියලා කෙනෙක් නැතිනම් ගෝඨාභය රාජපක්ෂ නමින් ජනාධිපති කෙනෙක් නෙමෙැති බවත් මන්ත්‍රාචාර්ය මහේන්ද‍්‍ර ප‍්‍රනාන්දු පවසයි.

‍තමන්ගේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ඒවා දැක ඒවාට එරෙහිව කටයුතු කල අතර එම බන්ධනවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා රැකෙන විදියට බන්ධන කපාදැමූ බව ඔහු සඳහන් කරයි.

පසුව ඒවායේ ආ පසු පලදීම හේතුවෙන් තිරුපති කෝවිලේ ප්‍රධාන කපුවා මියගිය බවත් කෝවිලේ සියලු දෙනාටම කොරෝනා වැලදුනු බවත් ඔහු කියා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ සමාජ මාධ්‍ය සාකච්ාවකට එක් වෙමිනි.

Related posts

Leave a Comment