කොරෝනා හමුවේ අඩක් වැටුප් ගෙවන්නේ සේවයට නොපැමිණෙන අයට – කම්කරු අමාත්‍යංශය
කොවිඞ් 19 වසංගත තත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුපෙන් 50% හෝ රු.14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවීම අදාල වන්නේ ඒ ඒ ආයතනවල සේවයට නොපැමිණෙන සේවකයන් සඳහා පමණක් බව කම්කරු අමාත්‍යංශයේ ස්ථාපිත කොවිඞ් 19 ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකාය තීරණය කර ඇත
සංචාරක ව්‍යාපාරය සඳහා 50% වැටුප් ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යාමටත්,පෞද්ගලික අංශයේ සෙසු ක්ෂේත්‍ර සඳහා පූර්ණ වැටුප් ගෙවීමට හාම්පුතුන් දක්වන ලද එකඟතාවය ඒ ආකාරයෙන්ම පවත් ගෙන යා යුතු බවත්,යම් හෙයිකින් වෙනස් වන කෝවිඞ් තත්වයන් තුළ යම් ආයතනයක හෝ කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ක්රියාවළිය බිදවැටීමේ තත්වයක් හෝ යම් වැඩකරන පිරිසක් සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් සඳහා පමණක් 50% වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කළ හැක