”මීලඟ දකුණු පලාත් මහ ඇමති මමයි” – නිශාන්ත මුතුහෙට්ටිගම
Spread the love
එළැඹෙන පළාත් සභා මැතිවරණයට තමන් තරඟ වදින්නේ මහ ඇමැති ධූරය අපේක්ෂාවෙන් බවත් මීළඟ දකුණු පළාත් සභා මහ ඇමතිවරයා තමන් බවත් හිටපු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.
පසුගිය මහ මැතිවරණයේදී තමන්ගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් කපා දැමූවේ ජනාධිපතිවරයා විසින් බවත් නමුත් ඊට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධතාවයක් නොමැති බවද ඔහු කියා සිටියි.
නමුත් ඒ සියල්ල අමතක කර පලාත් සභා මැතිවරණයේදී පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම් බවද ඔහු සඳහන් කර තිබේ.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.
+1
+1
+1
+1
+1
+1
+1