Noize News 

ප‍්‍රථම විවාහය සඟවා මංගල දැන්වීමක් පළ කර වංචනික ලෙස විවාහ වූ 51 හැවිරිදි මනාලයා නැන්දම්මාගේ සහ බිරිඳගේ ලක්ෂ 20කට විදලා

වංචනික ලෙස විවාහයක් සිදු කර එම කාන්තාව සහ ඇගේ මව සතු රුපියල් 1994384/60 ක මුදලක් වංචා කළ බව කියන 51 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
 
 මොහු හෝමාගම නාවලමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
 පයාගල ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
 පුවත්පතක මංගල දැන්වීමක් පළ කර වංචනික ලෙස ප‍්‍රථම විවාහය සඟවා පැමිණිලිකාරිය විවාහ කරගෙන ඇය සහ ඇගේ මව සතු රුපියල් 1994384/60 ක මුදලක් වංචනික ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කොට තිබේ. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික පි‍්‍රයන්ත සහ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Related posts

Leave a Comment