”දේහයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙනවා” – මහින්ද අමරවීර

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙම තිරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් එකක් නොවන බවත් අවසරය ලබා දෙන්නේ හුදෙකලා ප්‍රදේශවල සහ වියළි ප්‍රදේශවල පමණක් යැයිද හෙතෙම සඳහන් කරයි.

භූගත ජලයට එම විෂ මිශ්‍ර නොවන ප්‍රදේශවල ඒ සඳහා අවසර ලැබෙන අතර මේ වන විට ලෝකයේ අනිත් රටවල් මෙවන් අවසර ලබා දෙන බවත් එනිසාම මෙරට තුලදීද එය සිදු කිරීමට කැබිනට් මණ්ඩලය විරුද්ධ නොවූ බවද ඔහු පෙන්වා දෙයි.

සිංහල බෞද්ධ අයෙකුට වුවද කොරෝනා දේහයක් භූමදානය කිරීමට අවස්ථාවක් ඉල්ලුව හොත් සලකා බැලිය හැකි බවත් දැනට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ලැබී නැති බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *