Noize News 

කොරෝනා ආසාදනය වූවන් මානසික රෝගවලට ගොදුරු වීමේ අවදානමක් – ආයු අපේක්ෂාවත් අඩුවෙයි

කොරෝනා ආසාදනය වන සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන්ම එක් දින 90 ක් තුළ මානසික රෝග තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි නවතම අධ්‍යනයකින් හෙළි වී තිබෙනවා.

බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ මානසික රෝග විශේෂඥයන් පිරිසක් සිදුකළ එම අධ්‍යයනයෙන් අනාවරණ වී ඇත්තේ වෛරසය ආසාදනය වන පුද්ගලයන් මානසික ආතතිය, නින්ද නොයාම ආදී රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති බවයි. එබැවින් එම පුද්ගලයන් මානසික රෝගවලට ගොදුරු වීමට හේතු සහ ප‍්‍රතිකාර ක‍්‍රමවේද විමසීමට ලොව පුරා වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් කඩිනමින් පියවර ගත යුතු බවද ඔක්ස්ෆර්ඞ් සරසවියේ මානසික රෝග විශේෂඥයන් අවධාරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ආයු අපේක්‍ෂාවද වසර 10 කින් අඩුවිය හැකි බවයි. එබැවින් කොවිඞ් රෝගය සම්බන්ධයෙන් ජනතාව මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි අවධාරණය කෙරුණේ.

Related posts

Leave a Comment