Noize News 

”ආණ්ඩුවේ ගජමිතුරන්ට කොරෝනා වසංගතය ධන උපයන වසන්තයක් බවට පත්කර දීලා” – සුනිල් හඳුන්නෙත්ති

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්වී ඇති ජනතාවට ආණ්ඩුව සහන දෙනවා වෙනුවට රෝගයේ වගකීමත්, පීඩාවත් ඔවුන්ට භාර දී ආණ්ඩුවේ හිතවත් ගජමිතුරු ව්‍යාපාරිකයන්ට වසංගතය ධනය උපයන වසන්තයක් බවට පත්කර දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (11 ) කියා සිටියේය.
 
 මේ තත්ත්වය තුළ රටේ ජනතාව කබළෙන් ළිපට වැටී ඇති බවත් හෙතෙම කීවේය.
 
 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා එම අදහස් පළකළේ ඊයේ (11 වැනිදා* පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

Leave a Comment