Noize News 

කුරුණෑගල බස් නැවතුම්පොළේ රූපවාහිණි තිරයක ලිංගික ජවනිකා සහිත අසභ්‍ය වීඩියෝවක් ප්‍රදර්ශනය කරලා

කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් වසා දමා තිබෙන ප්‍රධාන බස් නැවතුම්පොලේ සවිකර තිබෙන රූපවාහිනි තිරයක අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඊට වගකිය වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ කුරුණෑගල පොලිසියට දැනුම් දී තිබේ.

ඇඳිරි නීතිය හේතුවෙන් කුරුණෑගල බස් නැවතුම ජනතාව නොගැවසෙන අවස්ථාවක එහි සවිකර තිබෙන රූපවාහිනි තිරයක ලිංගික ජවනිකා සහිත අසභ්‍ය වීඩියෝවක් ප්‍රදර්ශනය කරන ආකාරය කිසිවකු විසින් වීඩියෝ ගත කර එය සමාජ මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කර ඇත.

එම වීඩියෝ දර්ශනය දැක ඇති බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කළ බවද මීට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ බස්නැවතුම්පොලේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස තමන් කුරුණෑගල මූලස්ථාන පොලීසියට දැනුම් දුන් බව සඳහන් කරයි.

Related posts

Leave a Comment