Noize News 

ඇඳිරිනීතයෙන් පසුවත් නිරෝධායන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න- සමාජයෙන් ආසාදිතයන් හමු වුණොත් අවශ්‍ය නම් හුදෙකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්න -ජනපතිගෙන් උපදෙස්

ස්වයං නිරෝධායන ක්‍රියාවලිය ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවද දැඩිව නිරීක්ෂණය කරන ලෙස කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ දෛනික හමුවට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05) එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බව හඳුනා ගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කරන ලද අතර රට පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න පිරිසක් එසේ නිරෝධායනය වෙමින් සිටිව බව වාර්තා වීය

ඒ අතර බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති.  නිරෝධායනය වෙමින් සිටින පිරිස ඇඳිරි නීතිය ඉවත් කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළ යුතු බව ජනාධිපතාවරයා අවධාරණය කළේය.

ආසාදිතයන් සමාජයෙන් හමු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු අතර අවශ්‍ය වුවහොත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබ්.

Related posts

Leave a Comment