අමරිකානු ජනපති පුටුවට ජෝ බයිඩන්
ඇමෙරිකාවේ මීලඟ ජනාධිපති ලෙස ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් මහතා පත්වීමට නියමිතය.දැනට නිකුත් කර ඇති ප්රථිපල අනුව ඔහු ඡන්ද විද්යාල සතු ඡන්ද 264ක් ලබා ගෙන ඇත.
ජනාධිපති ලෙස පත්වීමට ඔහුට තව ලබාගත යුත්තේ ඡන්ද 06ක් පමණි.
ඇමෙරිකානු ජනාධිපතිවරණයට අනුව එරට ප්රාන්ත 50ට අයත් ඡන්ද විද්යාල සතු ඡන්ද 538න් ජන්ද 270ක් ලබාගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස පත්වේ.
මෙවර 2020 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් මහතා මෙතෙක් නිකුත් කළ ප්රථිපලවලට අනුව ලබා ඇත්තේ ඡන්ද 214කි