Noize News 

වේල්ලෙන් පහළට තල්ලු කර නැන්දම්මාව මරා දැමූ ලේලියක් අත්අඩංගුවට

නානු ඔය ප්‍රදේශයේ වතු යායක දී පහරදීමකින් සිය නැන්දම්මා ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ ලේලිය ඊයෙ (02) සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් සමර්සෙට් වතුයායේ පදිංචි ගොවින්දම්මා මරිමුත්තු නම් 78 හැවිරිදි කාන්තාවකි.

පවුල් ආරවුලක් හේතුවෙන් එම නැන්දම්මා සහ මාමණ්ඩිය එම වතුයායේ වෙනම නිවසක ජේදා අලුයම පෙරේදා අලුයම 5.30 ට පමණ එම වතුයායේ වැසිකිළියක මුහුණ වසාගත් ලේලිය මාමණ්ඩියගේ බෙල්ල සිරකරගෙන සිටින අවස්ථාවේ ඔහු කෑ ගසන හඬ ඇසී එම නිවාස යේ අසල්වාසීන් ඔහු බේරා ගෙන ඇත.

පසුව එම වතු පේලි පදිංචිකරුවන් නැන්දම්මා සොයන අවස්ථාවේ ඇය නොසිටි බවත් පසුව වැසිකිළියට පිටුපස ඇති වේල්ලකින් පහළට වැටී සිටින අයුරු දැක ඇති බවත් දෙදෙනාම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නැන්දම්මා මියගොස් ඇති බවත් වාර්තා වී තිබේ.

අත්අඩංගුවට පත් කාන්තාව සිය නැන්දම්මාව වේල්ලෙන් පහළට තල්ලු කර ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි .

Related posts

Leave a Comment