බන්ධනාගාර ගැටුමෙන් ‘මැස්සා’ මිය යයි
අද දහවල් සිරකරුවන් දෙපිරිසක් අතරවූ ගැටුමකින් මොනරාගල බන්ධනාගාරයේ රැඳවියකු මියගොස් තිබේ.
එම ගැටුමෙන් ‘මැස්සා’ නමැති අන්වර්ථ නමකින් සඳහන් කරන සිරකරුවෙකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ගැටුම නිරාකරණයට දැඩි පරිශ්රමයක් දරා ඇති අතර, එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද වාර්තා වෙයි.
අදාල සිදුවීමෙන් සිරකරුවන් නොසන්සුන්තාවයට පත්ව සිටින බවද, එම තත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් බන්ධනාගාරයට යවා ඇතැයි ද වාර්තාවේ.