කොවිඩ් ආසාදිත මාධ්‍යෙව්දීන් මැතිඇමැතිවරුන් සමග කතාබහ කළේ ද කියා විමර්ශනයක්
පාර්ලිමේන්තු වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් දෙදෙනකුට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇති නිසා ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
එමෙන්ම මෙම මාධ්‍යවේදීන් දෙදෙනා පාර්ලිමේන්තු ගැලරිය තුළ ඇසුරු කළ මාධ්‍යවේදීන් මෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මැතිඇමැතිවරුන් සමග කතාබහ කළේ ද කියා විමර්ශනයක් සිදු කරන බව ද හෙතෙම සඳහන් කරයි .
ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ සවිකර තිබෙන කැමරා දර්ශන මගින් තොරතුරු ලබා ගන්නා බව කථානායකවරයා දන්වයි.