Noize News 

මිනුවන්ගොඩ හා පෑලිය ගොඩ කොවිඩ් පොකුර 6145ට නඟී – දිස්ත්‍රික්ක 23ක පැතිරෙයි

පසුගිය ඔක්තෝබර් මස 03 දා සිට ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ්-19 දෙවැනි රැල්ලට අදාළ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙ‌ෙළඳසල් පොකුරෙන් 29 දා පස්වරුව වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 6145 දෙනකු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

ඉන් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල කේන්ද්‍රගතව වාර්තා වූ ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්ද ඇතුලත්ව දිවයින පුරා දිස්ත්‍රික්ක 23කින් මේ වනවිට ආසාදිතයින් වාර්තා වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ (29දා) පස්වරුව වනවිට ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය ආසාදිතයින් 2908කී. දෙවැනුවට වැඩිම ආසාදිතයින් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය ආසාදිතයින් 1584කී. දෙවැනි කොවිඩ්-19 රැල්ලෙන් ආසාදිතයින් සියයට වැඩි ගණනක් වාර්තාවන සෙසු දිස්ත්‍රික්ක අතරට කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රි⁣ක්කයන් ඇතුලත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයන්ගෙන් මේ වනවිට පිළිවෙලින් ආසාදිතයින් 189ක් සහ 114ක් වශයෙන් වාර්තා වී තිබේ. එමෙන්ම ගාල්ලෙන් 52ක්, කෑගල්ලෙන් 38ක්, පුත්තලමින් 29ක්, මඩකළපුවෙන් 28ක්, නුවරඑළියෙන් 26ක්, මහනුවරින් 23ක්, රත්නපුරින් 18ක්, අම්පාරින් 15ක්, වව්නියාවෙන් 13ක්, මාතලෙන් 10ක්, මාතර සහ මන්නාරමින් 09ක්, ත්‍රිකුණාමලයෙන් සහ බදුල්ලෙන් 08ක්, යාපනයෙන් 04ක් සහ අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 03 බැගින්ද වාර්තා වී තිබේ.

කොවිඩ් විරෝධතා නොතකා රෝසි කොළඹ නගර සභා රැස්වීම පවත්වයි

Related posts

Leave a Comment