Noize News 

ඇඳිරි නීතිය නොතකා බේරුවල මුස්ලිම් පල්ලියක මහා දානයක් – එළුවන්, කුකුළන් තොග ගණන් මරලා

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල් කර තිබූ කාලයේ දී බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක විශාල පිරිසකට සූදානම් කර තිබූ දානමය කටයුත්තක් පොලිසිය විසින් නවතා දමා තිබේ.

පොලිසිය සහ සෞඛ්‍ය අංශ එම ස්ථානයට යන විට ද එළුවන් හා කුකුළන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර දානය සකස් කරමින් සිටි බවද වාර්තා වෙයි.

එහි සංවිධායකයන් වරදට සමාව ගැනීම නිසා අධිකරණ කටයුතුවලට යොමු නොකර පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.

එම දානය සකස් කිරීම සඳහා කෝකියන් තිස් දෙනෙකු සහභාගී වී සිට ඇතැයිද සදහන්ය.

Related posts

Leave a Comment