මින් පසු නිවෙස් තුළම නිරෝධායනය වන්න – යුද හමුදාපති කියයි
මේ තාක් කොරෝනා වෛරසය ආසාධනය වූවන්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගත්තත් මින් පසු එලෙස හමුවන පළමු ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායන කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියයි.
මෙසේ නිවෙස් නිරෝධායනයට ලක් කරන වුන් සමාජයට නොගොස් නිවෙස්තුළටම වී නිරෝධායනයට ලක් වනු ඇතැයි බලාපොරොත්තු වන අතර මින් පසු සියලු දෙනා මෙම උපදෙස් පිළිපඳන ලෙසද හෙතෙම ඉල්ලා සිටී