සාලාව රෝහලින් පලාගිය කොරෝනා සැක තරුණයා බොරැල්ලෙන් හමුවේ
අද උදෑසන 6 ට පමණ කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා වෛරසය ආසාදිත 26 හැවිරිදි තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියි.
මෙම ආසාදිතයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි මෙම ආසාදිත පුද්ගලයා නිරෝධායන රෙගුලාසි කඩ කරමින් කටයුතු කර ඇති නිසා ඔහුගේ රෝගී තත්ත්වය සුව අතට හැරීමෙන් අනතුරුව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.