Noize News 

හැංගිලා ඉන්න බදියුදීන් සජිත්ට ගත්ත කෝල් එක

පොලිසිය මඟහරිමින් සැඟවී සිටින රිෂාඞ් බදියුදීන් සමඟ පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16 ) පැය තුනක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත. 
 
 විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පදිංචි රාජගිරිය රෝයල් පාර්ක් හි පිිහිටි නිවස වෙත ඊයේ පෙරවරුවේ පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඒ මහතාගෙන් මෙසේ ප‍්‍රශ්න කර තිබේ.
 
රිෂාඞ් බදියුදීන් කිසියම් රහසිගත ස්ථානයක සිට විපක්‍ෂ නායකවරයාට දුරකථනයෙන් කතා කර සාකච්ඡුාවක් පවත්වා ඇති බවට තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබිණි.

 සැකකාර රිෂාඞ් බදියුදීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබිණි. මේ වන විට දින 4 ක් තිස්සේ රිෂාඞ් බදියුදීන් පොලිසිය මඟහරිමින් සැඟව සිටියි.

Related posts

Leave a Comment