Noize News 

අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකොට බදියුදීන් අත්අඩංගුවට ගන්න – නීතිපති කියයි

තම උපදෙස් හා අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකොට රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාට උපදෙස් ලබා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙණෙවිය පවසයි.

2019 වසරේ ජනාධිපතිවරණය සඳහා පුත්තලමේ සිට මන්නාරම දක්වා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 222 කින් ඡන්දය දැමීම සඳහා අවතැන්වූ පුද්ගලයන් ප්‍රවාහනය කරමින් රජයේ මුදල් රුපියල් මිලියන 9.5ක් සාවද්‍ය ලෙස පරිහරණය හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත නීතිපතිවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා නීතිපතිවරයා විසින් ඊයේ පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ මෙම උපදෙස් ලබා දී ඇත.

Related posts

Leave a Comment