11 වනදා කන්කසන්තුරේට මාරු කර යැවූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකට යළිත් ස්ථාන මාරුවක්
විනය හේතූන් මත පසුගිය 11 වනදා සිට කන්කසන්තුරේ කොට්ඨාශය වෙත මාරුකර යවන ලද හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාට ඊයේ (12) දිනයේදී නැවත ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ඒ, කන්කසන්තුරේ කොට්ඨාශයෙහි සිට පොලිස් මූලස්ථානයේ කොවිඩ් 19 පොලිස්පති පාලන මැදිරිය සඳහා ය.
මෙලෙස ඊයේ දිනයේ සිට යළිත් පොලිස් මූලස්ථානයට මාරු කර ඇත්තේ විශේෂ රාජකාරි පදනම මත බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නිකුත් කළ නියෝගයෙහි සඳහන් වේ.