Noize News 

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් රට තුළ විසිරී ඉන්න පුළුවන් – වෛද්‍ය ජයරුවන්

මේ වන විට කොරෝනා වෛරසය සමාජය තුළ යම් ප‍්‍රමාණයකට පැතිර ගොස් ඇති බවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් රට තුළ අප නොදැනුවත්ම විසිරී සිටිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඊයේ (12 දා) පවසා තිබෙනවා.

මෙම තත්ත්වය මත කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ වැඩි සංඛ්‍යාවක් සමාජය තුළ සිදුකරමින් මෙසේ සැඟවී සිටින රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් ප‍්‍රතිකාර සඳහා යොමු කිරීම සිදුකළ යුතු බව හෙතෙම පවසයි.

ඊයේ කොළඹ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවැති කොරෝනා වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ ප‍්‍රවෘත්ති සාකච්ඡුාව අමතමින් කතා කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ පැතිර පවතිනුයේ ඉකුත් මාර්තු මස මෙරට පැතිර ගිය කොරෝනා වෛරස් ප‍්‍රභේදය නොව වෙනත් වෛරස් ප‍්‍රභේදයක් විය හැකි බව අවධාරණය කර තිබේ.

Related posts

Leave a Comment