Noize News 

කොහේ හෝ තැනක වැරඳුණා, නැවත රැල්ලක් ඇති විය හැකියි- ශවේන්ද්‍ර සිල්වා

මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවකට සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොහේ හෝ තැන අතපසුවීමක් හෝ නොසැලකිල්ලක් සිදු වී ඇතැයි පෙනෙන්නට ඇති බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර කටුනායක මූලික කරගෙන තවත් කොරෝනා පොකුරක් ඇති වීමේ අවදානමක් ඇති බවද ඔහු පවසයි.

එමෙන්ම එම අවදානම රටේ ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇති විය හැකි බවත්මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු සඳහන් කරයි.

Related posts

Leave a Comment