ලංකාවේ කොවිඩ් මරණ 13ක් වාර්තා වෙද්දී විදෙස්ගත ශ්රී ලාංකිකයන් 67 දෙනෙකුට දිවි අහිමි වෙලා
ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට විදෙස්ගත ශ්රී ලාංකිකයන් 67 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
මැද පෙරදිග කලාපයේ හා යුරෝපා කලාපයේ රටවල් ඇතුලු රටවල් 17 කින් මෙම මරණ වාර්තා වී තිබෙන බව එම ආයතනය පෙන්වා දෙයි.
විදෙස්ගත ශ්රී ලාංකිකයන් අතර වෛරසය ආසාදනය වී ඇති පිරිස 2600 කට අධික වේ.
ශ්රී ලංකාව තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ප්රමාණය 13 කි. ඒ අනුව මෙරට තුළ සිදුව ඇති මරණ මෙන් පස් ගුණයක් විදෙස්ගත ශ්රී ලාංකිකයන් අතරින් වාර්තා වී තිබෙනවා.