විදුහල්පතිට නිරුවත පෙන්වූ දෙදෙනාට අත්වූ ඉරණම

බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් විදුහල්පතිවරයකුට නිරුවත පෙන්වූ පුද්ගලයන් දෙදෙනකුට එක් අයකුට රුපියල් 6000/- බැගින් රුපියල් 12000 ක් දඩ ලෙස ගෙවන ලෙසත් මාස 6 බැගින් සිරදඬුවම් නියමකර එම දඬුවම වසර 3 කට අත්හිටුවීමටත් බිබිල මහෙස්ත්රාත් අධිකරණ විනිසුරුඅරයා නියෝග කර තිබෙනවා.
දේශපාලන රැස්වීමකට සහභාගි වී බීමත්ව ආපසු යමින් සිටියදී බිබිල යල්කුඹුර ප්රදේශයේදී මෙම සිදුවීම සිදුවී ඇති බව වාර්තාවෙයි.
බීමත්ව අශෝභන ලෙස හැසිරීම, අයුතු අවහිරය, තුවාල කිරීමට තැත් කිරීම, සාපරාධී බිය ගැන්වීම යන චෝදනා හතරකට මොවුහු වරදකරුවෝ වී තිබේ.