Noize News 

ඇමති ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව ඉවතට

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව තීන්දු කරමින් කොළඹ මහාධිකරණය අමාත්‍යවරයා එම නඩු කටයුතුවලින් මුදාහරින ලෙස නියෝග කර තිබේ.

එම නඩුව ගොනු කර තිබුණේ වසර 2010,  2014 කාලය තුළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, වෙළද අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සතොස සේවකයින් 153 දෙනෙකු රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදුකළා චෝදනාව මතයි.

අල්ලස් කොමිසම එම නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්ති පාර්ශ්වය මූලික විරෝධතා මතු කළ අතර නඩු තීන්දුවට එරෙහිව ගොනු කෙරුණ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී තිබේ

Related posts

Leave a Comment