අමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට සහ ඔහුගේ බිරිඳටත් කෙරෝනා

අමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ COVID-19 සඳහා වන PCR පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට විදෙස් පුවත් වාර්තා කරනවා.
ඔහු මේ බව දන්වමින් පළ කළ ටුවිටර් පණිවුඩයක දක්වා තිබුණේ ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවත් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට ලක්වෙමින් සිටින බවත්ය.
එමෙන්ම ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා නිකුත් කළ නිවේදනයක දක්වා තිබුණේ ජනාධිපති සහ ජනාධිපති ආර්යාව “මේ අවස්ථාවේ හොඳින් සිටින” බවත් “ ධවල මන්දිරය තුළ නිවසේ රැඳී සිටීමට සැලසුම් කර ඇති” බවත්ය.