සැවොම සිනහා ගැන්වූ ටෙනී අද නිහඬවම සමු ගනී

ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.00ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදීයි සිදුකිරීමට නියමිතව ඇත.
වර්ෂ 1986 දී සිනමාවට අවතීර්ණ වන ටෙනිසන් කුරේ මහතා මෙරට ප්‍රහසන සිනමාවට නැතුවම බැරි චරිතයක් බවට පත් විය, එතුමාගේ අද්විතීය රංගන දායකත්වය සදා අනුස්මරණීය වේ.