Noize News 

මෛත්‍රී – රනිල් පාස්කු කොමිසමට කැඳවයි!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන මස 05 සහ 06 යන දිනවලදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබේ. 

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) ජනාධිපති කොමිසම හමුවට සිය නීතිඥවරයා සමග පැමිණ තිබිණි. 

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය දා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කළ ප්‍රකාශයක් පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සමීර ද සිල්වා මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීතිඥවරයා ජනාධිපති විමර්ශන කොමිසමට කරුණු දක්වා ඇත. 

පැය කිහිපයක් ජනාධිපති කොමිසම තුළ රැඳී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුව, කොමිසමෙන් පිටව ගියේය. 

Related posts

Leave a Comment