Noize News 

බිලියන 38ක මාළු ලංකාවට ආනයනය කරයි – රටවල් 76 කින් ගෙන්නලා!

2015 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 38 ක මාළු විදේශයන්ගෙන් ආනයනය කළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුවෙන් ලද තොරතුරු මත ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ඔහුගෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

ලෝකයේ රටවල් 76 කින් ශ්‍රී ලංකාවට මාළු  ආනයනය කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

අතුරු ප‍්‍රශ්ණයන් ලෙස මුසම්මිල් මහතා විමසුවේ අපේ රටේ භූමි ප්‍රමාණය මෙන් අට ගුණයක් මෙරට මුහුදු සීමාවට අයත්ව තිබියදී මෙම මාළු ආනයනය නතර කිරීමට කවර ක‍්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්නයි.

blob:https://www.facebook.com/bb2174de-9f61-42a4-9f8a-0c1ea17d7405

Related posts

Leave a Comment