දුම්රිය ගේට්ටුව මැද්දෙන් ධාවනය වූ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට (VIDEO)
සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විකාශය වූ වීඩියෝ පටයකට අනුව ඉකුත් 28 වෙනිදා දින පයාගල පොලිස් වසමේ දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය ගේට්ටුව වසා තිබියදී දුම්රිය මාර්ගය හරහා ධාවනය වූ අළුත්ගම සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගී පුද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ රියදුරු සහ කොන්දොස්තරවරයා හෙට දිනයේදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
Read More