සචින්, රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමක් කරයි!
ඉන්දීය සුපිරි ක්රිකට් දැවැන්තයෙකු වන සචින් තෙන්ඩුල්කාර් සිය රසිකරසිකාවියන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, ඔහුගේ පළමු මෝටර් රථය යළි තමාට සොයාදෙන ලෙසයි.
මෝටර් රථ සඳහා දැඩි ඇල්මක් දක්වන සචින්, මුලින්ම මිලදී ගෙන තිබුණේ මරුටි 800 මෝටර් රථයකි.
වෘත්තිමය ක්රිකට් ක්රීඩකයෙකු වීමෙන් අනතුරුව මෙම මෝටර් රථය මිලදී ගත් බව ඔහු පවසා තිබුණි.
කෙසේවෙතත්, ක්රමක්රමයෙන් ලෝක පූජිත ක්රිකට් ක්රීඩකයෙකු බවත් පත්වූ ගමන අතරතුරේදී ඔහු මෙම වාහනය විකුණා වෙනත් වාහන මිලදී ගෙන ඇත.