සුදු වැන් කිබුල්ලු නාටක නිෂ්පාදක රාජිත වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක් .
පසුගිය රජයේ හිටපු ඇමතිවරයෙක් වන රාජිත සේනාරත්න මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඉල්ලා සිටියි.පසුගිය රජය සමයේ සෞඛ්‍ය ඇමැති ධුරය දරමින් සිදුකරන ලදැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා චෝදනා ඔහුට එල්ල වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.
සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති ධුරයේ සිටියදී සිදු කරන ලදැයි කියන වංචා දූෂණ සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන පිටව යන අවස්ථාවේදී එම සංවිධානය විධායක අධ්යක්ෂ පූජා අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් මෙම ඉල්ලීම කරන ලදී.