ජනපතිගේ පලමු නිල සංචාරය ඉන්දියාවට.. දුත පිරිස පිරිස 08ක් පමණයි..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුල්ම නිල විදේශ සංචාරය ලෙස මේ මස 29 වැනිදා ඉන්දියාව බලා පිටත්වීමට නියමිතව ඇත.
ඒ මහතාගේ මෙම සංචාරය සදහා දුත පිරිස 08 දෙනෙකුට සීමා කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.මෙම පිරිසට ඇතුලත්ව ඇත්තේ ජනපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිසකි.මෙම සංචාරය 29 දා සිට නොවැම්බර් 01දා දක්වා සිදු කිරීමට නියමිතව ඇත.