Noize News 

‘මා නැවත උපදිනවා.’ – හිටපු ජනපති කියයි.

තමන් නැවතත් දේශපාලන වශයෙන් උපදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.තම පණකෙන්ද තිබෙන තෙක් රටට සේවය කරන බවද ඒ මහතා සඳහන් කළේය. පොලොන්නරුවේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.හිටපු ජනාධිපතිවරයා කල සේවය වෙනුවෙන් උපහාර පිදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.ජනාධිපතිවරණයෙන් පසු සිරිසේන මහතා පෙනී සිටි පළමු උත්සව අවස්ථාව මෙය විය.

Read More
Noize News 

හිටපු එජාප ඇමතිගේ ඉදිකිරීම් සමාගමක් Black List කරයි.. ගිවිසුම් අත්හිටුවයි..

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ 3 වන අදියරේ ඉදිකිරීම් ප‍්‍රමාද කල හිටපු එජාප ඇමතිවරයෙකුට අයත් ඉදිකිරීම් සමාගමක් වහාම අසාදු ලේඛණ ගත කර ඉදිකිරීම් වෙනත් සමාගමකට පැවරීමට කාර්මික ආපනයන ආයෝජන ප‍්‍රවර්ධන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපල බලධාරීන්ට නියෝග කලේය. කටුනායක ගුවන්තොටුපල පැවති නිරීක්ෂණ චාරිකාව අතරතුර ඇමතිවරයා මෙම නියෝගය කලේය. මෙම නව ඉදිකිරීම සදහා වෙන් කළ මුදල රුපියල් මිලියන 374 කි. මාස 09 කින් ඉදිකිරීම් නිම කිරීමට කොන්ත‍්‍රාත්තුව ලබා ගත් ඉදිකිරීමේ සමාගම එකග වී තිබුනි. 2017 ජනවාරි 24 වන දින අදාල කොන්ත‍්‍රාත්තුව ලබා දුන් අතර මේ වනවිටත් අවසන්ව ඇත්තේ ඉදිකිරීම්…

Read More
Noize News 

ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ ඉහලට එසවේ.. පොලිස් ආරක්‍ෂාවද දෙයි

ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා සැරසිලි කර ඇත.එමෙන්ම එම ස්ථානය වෙත පොලිස් ආරක්‍ෂාවද යොදවා තිබේ.මෑත කාලයේදී එම පුදබිම මහත් ආන්දෝලනයකට ලක්වුයේ අන්‍යාගමික පුදබිමක් යයි කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීම නිසාය.එමෙන්ම එම විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ද පසුගිය රජය විසින් විවිධ ආකාරයේ බාධා ඇති කරන ලදී.

Read More
Noize News 

එක්නැලිගොඩ ඝාතකයා චම්පික රණවකයි. සාක්‍ෂි දෙන්න අජිත් ප‍්‍රසන්න සූදානම්.

රදීප් එක්නැලිගොඩ නම් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත්තේ පසුගිය රජයේ හිටපු ඇමතිවරයකු පාඨලී චම්පික රණවක විසින් බව විශ‍්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන ලද්දේ හෝමාගම අධිකරණ භූමියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.චම්පික රණවක මහතාගේ අයථා සම්බන්ධයක් පිළිබඳව පුවතක් අන්තර්ජාලයේ පළ කිරීම හේතුවෙන් ඇමතිවරයා විසින් එම ඝාතනය සිදු කළ බවද අජිත් ප්‍රසන්න මහතා පැවැසීය.ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අවශ්‍ය සාක්ෂි සපයා දීමට තමන් සූදානම් බව අජිත් ප‍්‍රසන්න මහතා තව දුරටත් කියා සිටියේය.

Read More
Noize News 

රාජිත රටින් පනින්න සූදානම්.

පසුගිය රජය සමයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකාවෙන් පැන යාමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය ඇමති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යයි පවසමින් සිංගප්පූරුවට පැන ගොස් එතනින් වෙනත් රටකට පැන යාමට සූදානමින් සිටින බවට තොරතුරු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.කෙසේ වෙතත් සේනාරත්න මහතා රටින් පලා යාම දැක්වීම සඳහා වැඩපිළිවෙලක් යොදා ඇතැයි ද ඔහු පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය

Read More
Noize News 

පරාජිත එජාපය මවන සුදු වෑන් මෙගා නාටකයේ නිරුවත මෙන්න!

එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණ වේදිකාවේ සිදුකලේ බොරුව සමාජගත කර ජනතාව මුලාවට හා බියට පත්කර චන්ද ලබාගැනීමේ උපාය මාර්ගයක් බව සහ ඒ පිටුපස සිට එය මෙහෙයවූ බංකොලොත් දේශපාලකයින් හා ඔවුනට කඩේ ගිය මාධ්‍ය හෙන්චයියන්ගේ රෙදි ගැලවී යන එන මං නැති වූ බව නොවැම්බර් 17 වනදා ප්‍රතිපලයෙන් ඔප්පු කොට හමාරය. ඒ 2015 ජනවාරි 08 බොරුවට හසු වූ ජනතාව යලි ඒ බොරු වලට හසු වන්නට තරම් මෝඩ නොවූ බැවිනි. එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ගැන බොරු කී ඇත්තෝ අද පුරවැසි භාවය පිළිබඳව නිහඬ ඇයි? වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලංකික පුරවැසි භාවය නොමැතිනම්…

Read More
Noize News 

TNA අන්ත ජාතිවාදය අවසන්. මුරලි උතුරේ ආණ්ඩුකාරකමට..

ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.මීට පෙරද ඔහු ඒ සඳහා යෝජනාවද මුරලිදරන් ඒ සඳහා මැලිකමක් දක්වා ඇත. කෙසේ වෙතත් ඔහුගෙන් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙසේ කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.දෙමළ ජාතික සංධානය මගින් උතුරේ ව්‍යාප්ත කරමින් පවතින අන්ත ජාතිවාදී දේශපාලනය මේ හරහා පාලනය කල හැකි වනු ඇති බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් මත පළ කරති. මුරලිදන් පසුගිය කාලයේදී ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්නවයෙන් යුතු ‘වියත්මග’ සංවිධානයේ ඉදිරිපෙල කටයුතු කරන…

Read More
Noize News 

සුදු වැන් කිබුල්ලු නාටක නිෂ්පාදක රාජිත වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක් .

පසුගිය රජයේ හිටපු ඇමතිවරයෙක් වන රාජිත සේනාරත්න මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඉල්ලා සිටියි.පසුගිය රජය සමයේ සෞඛ්‍ය ඇමැති ධුරය දරමින් සිදුකරන ලදැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා චෝදනා ඔහුට එල්ල වී ඇතැයිද ඔවුහු සඳහන් කරති. සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති ධුරයේ සිටියදී සිදු කරන ලදැයි කියන වංචා දූෂණ සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන පිටව යන අවස්ථාවේදී එම සංවිධානය විධායක අධ්‍යක්ෂ පූජා අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් මෙම ඉල්ලීම කරන ලදී.

Read More
Noize News 

කාත්තන්කුඩියටත් ශ‍්‍රී ලංකා නීතිය අකුරට ක‍්‍රියාත්මකයි.හෙල්මට් නැත්නම් දඩ කොල නෑ.කෙලින්ම උසාවි.

නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි හා ඒ ආසන්න ප්‍රදේශවල හිස්වැසුම් රහිතව යතුරු පැදිය ධාවනය කරන්නන් නීතියට කොටුකර ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් වැඩිකර තිබේ.කාත්තන්කුඩි පොලිසිය සඳහන් කරන්නේ හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කරන්න දඩ පත්‍රිකා නිකුත් නොකර කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ඉකුත් දින කිහිපයේ දී එවන් පුද්ගලයන් 50 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.මෙම ප්‍රදේශයන්හි කලක සිට හිස්වැසුම් නොමැතිව යතුරු පැදිය ධාවනය පෙළඹී සිටියහ.මෙම මෙහෙයුම් වැඩි කර ඇත්තේ රටපුරා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් අනුවයි.

Read More
Noize News 

පාඨලීගේ මඩ බලකාය CID පරීක්ෂාවට – එජාපය මාධ්‍ය නිදහස සහ මඩ වෙබ් අඩවි පටලවාගනියි!

නුගේගොඩ ප්‍රදේශයේ කාර්යාලයක පවත්වාගෙන ගිය අමාත්‍ය පාඨලී චම්පික රනවක මහතාගේ සෘජු මැදිහත්වීම මත ක්‍රියාත්මක වෙබ් අඩවියක් සම්බන්ධව CID පරීක්ෂණයක් පැවැත්වූ බවට වාර්තා පලවූ අතර එය “ගෝඨාභයගේ මාධ්‍ය නිදහසද?” කියමින් එල්ලෙන්න වැලේ වැල් නතිව අනාථ වී සිටි එජාප මඩ බලකාය අසත්‍ය පතුරවමින් සිටී. ඇත්ත කතාව මෙසේය අදාල වෙබ් අඩවි සහ එහි සිට ක්‍රියාත්මක වූ අනෙකුත් සමාජ මාධ්‍ය සියල්ලටම මූල්‍ය අනුබලය ලැබී තිබෙන්නේ පාඨලී අමත්‍යවරයා යටතේ තිබූ මහ නගර අමාත්‍යංශය හරහා වන අතර අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් කල පැමිනිල්ලක් අනුව අදාල සෝදිසි කිරීම සිදුවූ බවයි වාර්තා වන්නේ. මාධ්‍ය අමාත්‍යංශයේ හෝ වෙනත් කිසිදු ආයතනයක…

Read More