“18 LTTE ප්‍රහාරය” ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්!

LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ The Hindu පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කර තිබේ.

එම තොරතුරට අදාළව මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමක් කළ බවත් එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය කියයි. මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරුවේ නම් ඒවා පිළිබඳව මෙරටට දැනුම් දීමට කටයුතු කරන බව ද එම බුද්ධි අංශ දන්වා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

“කෙසේ වෙතත් මෙම තොරතුර සහ ජාතික ආරක්‍ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්‍ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් සිදු කර අදාල ආරක්‍ෂක අංශ දැනුවත් කර ආරක්‍ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.” යැයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published.