10 වනදා එන්න නියමිත පෙට්‍රල් නැව?
පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 08 වනදාත් 10 වනදාත් අතර මෙරටට ලගාවනු ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ අනුව රට තුළ පවතින පෙට්‍රල් හිගය යම්තාක් දුරකට සමනය වනු ඇති බවට විශ්වාස කරන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
මේ අතර ඉන්ධන රැගත් තවත් නෞකාවක් ලබන 13 සහ 15 අතර කාලය තුළ මෙරටට ලගාවීමට නියමිත බව අයි ඕ සී සමාගම ඊයේ සඳහන් කළා. ජූලි 29 සහ 31 අතර කාල සීමාව තුළ සහ අගෝස්තු 10 සහ 15 අතර කාලය තුළ තවත් නෞකා 02 ක් මෙරටට ලගාවනු ඇති බව ද අයි ඕ සී සමාගම දැනුම් දුන්නා.