“09 ප්‍රහාරයට ජෙප්පෝ බාරවෙයි” කොළඹ නායකයෝ වහන්න ඇත්ත එලියට!

මැයි මස 9 වැනිදා වීරකැටිය, මැද මුලන ඇතුලු ප්‍රදේශ වල ඇතිවු ගිනි තැබීම් වලට සම්බන්ධව සිටි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලක්ෂ්මන් පල්ලියගුරු අද පොලිසියට භාර වී තිබෙනවා.

මොහු ඇතුලු 10 දෙනෙක් හෙට වලස්මුල්ල උසාවිය වෙත හෙට ඉදිරිපත් කරනු ලබනවා. මිට අමතරව එම ප්‍රදේශ වල ඇති වූ සිද්ධින්ට ඔවුන්ගේ ඇති සම්බන්ධය නිසා හම්බන්තොට දිස්ත්‍රික් ජේ වී පි භික්ෂු සංගමයේ ලේකම් නයිගල විහාරයේ විහාරාධිපති වකුමුල්ලේ උදිත හිමිද අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 31 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කළා.

ජේ වී පි නායකයන් කොළබ සිට මොන ප්‍රකාශ නිකුත් කලද ලංකාව පුරා මෙවැනි ප්‍රාදේශීය නායකයන් අත්අඩංගුවට පත්වි හෝ භරවී ඇති බවෙන් පෙනී යන්නේ ඔවුන් මෙම ප්‍රහාර වලට කෙලින්ම සම්බන්ධ බව නොවේද?

Leave a Reply

Your email address will not be published.