“ෆිච් රේටින්ග්ස්” අනතුරු ඇඟවූ බැංකු 13! [VIDEO]

“ෆිච් රේටින්ග්ස්” විසින් මෙරට බැංකු 13 ක් පහත හෙළීම සඳහා නිරීක්ෂණයන් ආරම්භ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

බැංකු පද්ධතියේ විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති අතර අදාළ බැංකු 13 සඳහා මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අයත් වේ.

ඒ අනුව මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, සෙලාන් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, යූනියන් බැංකුව, අමානා බැංකුව, සණස සංවර්ධන බැංකුව සහ එච්.ඩී.එෆ්.සී බැංකුව මෙලෙස නිරීක්ෂණයන්ට යටත්ය.

කෙසේවෙතත් මෙහි සඳහන් නොවන මෙරට මූල්‍ය ආයතනවල ජාතික ශ්‍රේණිගත කිරීම් “ෆිච් රේටින්ග්ස්” විසින් වෙන වෙනම සමාලෝචනය කරනු ඇත.

මේ අතර මීට පෙර ද “ෆිච් රේටින්ග්ස්” යටතේ මෙරට ණය ගෙවීමේ හැකියාව පහත මට්ටමක පවතින බව ප්‍රකාශ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.