ළඟ එන ඡන්දෙත් අපි විශිෂ්ඨ ලෙස ජයගන්නවා!

මීළඟ පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත හැකි බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.

මේ දිනවල සිදුකරන එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වල දී ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ.

දිස්ත්‍රික් මට්ටමින් එම පක්ෂයේ සංවිධායකයන් පක්ෂ මූලස්ථානයට කැඳවා සංවිධාන කටයුතු දියත් කරමින් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීළඟ පළාත් පාලන මැතිවරණය එළඹෙන පෙබරවාරි මාසයට පෙර පැවැත්විය යුතුව ඇති බවත් ඒ සඳහා සූදානමින් කටයුතු කරන ලෙසත් බැසිල් රාජපක්ෂ විසින් නියෝජිතයින්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published.