හෙට දුම්රිය වැඩද නැද්ද?
හෙට දිනයේ හර්තාල් ව්‍යාපාරයක් සංවිධාන කර තිබුණද දුම්රිය ධාවනයට ඉන් බාධාවක් ඇති නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව අද තහවුරු කළා.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් හෙට දිනයේ සේවයට වාර්තා කරන බව දන්වා ඇති බවයි.
කෙසේවෙතත් හෙට දිනයේ දුම්රිය 275 කට වැඩි ප්‍රමාණයක් ධාවනය වීමට නියමිත බවත්, දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න පැවසවා.