වරායෙන් රටටම ආදර්ශයක්! [VIDEO]

රජයට හා ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් පවත්වන අරගලයට සහාය ලබාදෙමින් හෙට දිනයේ රාජ්‍ය අංශයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කිරීමට වෘත්තීය සමිති සුදානම් බවට වාර්තා පලවනවා.

දේශපාලනිකව බංකොලොත්ව සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය මුලිකත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතා සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවකට සම්බන්ධ වෘත්තීය සමිති රැසක් සම්බන්ධ වන බවට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉහල ප්‍රචාරයක් ලබාදී තිබෙනවා.ඔවුන් පැවසුවේ වරාය අධිකාරියේ සියලු සේවකයින් ලෙඩ නිවාඩු දමා වරාය කටයුතු සියල්ල නවතා දමා අරගලයට වරාය සේවකයින්ගේ සහාය ලබා දෙන බවයි.

කෙසේ වෙතත් එම වාර්තා පට්ට පල බොරු බවට වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගමයේ ලේකම් ශාමල් සුමනරත්න මහතා පවසනවා. ඔහු පවසන ආකාරයට වරාය අධිකාරියේ තිබෙන වෘත්තීය සමිති 37න් 17ක් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අරගලයට සහාය දීමට කටයුතු කල නමුත් ඉතිරි සේවක සංගම් නියෝජනය කරන සංගම් සියල්ල සේවයට වාර්තා කිරීමට තීරණය කොට තිබෙනවා.

මේ හේතුවෙන් වර්ජනය කිරීමට සුදානම් සංගම් 17න් තවත් සංගම් 5ක් සිය තීරණය වෙනස් කරමින් සේවයට වාර්තා කිරීමට මේ වනවිට තීරණය කොට ඇති බවයි සුමනරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු හෙළි කරන වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගමයේ ලේකම් ශාමල් සුමනරත්න මහතා.

Leave a Reply

Your email address will not be published.