හරීන්ගේ තැනට නියෝමාල් හා නලීන්!

සමගි ජන බලවේගය වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා මහතා අද (02) පත් කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකුද වන ඒ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය.

පසුගිය මැතිවරණයේ දී ඒ මහතා සමගි ජන බලවේගයට එක්විය.

මේ අතර සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස එම පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පත්කර තිබේ.

සමගි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක ලෙස හා මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කෙළේ එම පක්ෂයේ සිට ඇමතිධුර ලබාගත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතායි.

Leave a Reply

Your email address will not be published.