හමුදාවට පාට් දැමු පොලීසියට වැඩ වරදියි!
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද හමුදාපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.
ඒ අනුව පොලිස්පතිතුමා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද හමුදාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ ආකාරයෙන්ම මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කර සිටියේ.