සිපෙට්කෝ ෂෙඩ් 600ක් සමාගම් 2කට!
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් 1,300ක ප්රමාණයෙන්, පිරවුම් හල් 600ක් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම් දෙකකට දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර පැවසුවේ ය.
එම එක් සමාගමකට පිරවුම්හල් 300 බැගින් සමාගම් දෙකට පිරවුම්හල් 600ක් ලබා දීමට ඒ අනුව කටයුතු කරමින් සිටින බව ජයන්ත සමරවීර මන්ත්රීවරයා හෙළිදරව් කළේ ය.
ඒ අනුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු 90%ක ඉන්ධන පිරවුම් හල් ප්රමාණයෙන් 70%ක් තෙල් නිෂ්පාදිත රටවල සමාගම්වලට හිමිවීමට නියමිත බව ද ජයන්ත සමරවීර මන්ත්රීවරයා කීය.
පසුගිය ජුනි 26 වන දා ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවක් මගින් මෙම කටයුතු සකස් කර ඇතැයි ද මන්ත්රීවරයා වැඩිදුරට ත් පැවසුවේ ය.