“සිනමාවට කඳුළුගෑස්” අලුත්ම ෆිල්ම් හෝල් එක මෙන්න!

අරගල භූමියේ අලුතින්ම ඉදිකළ ‘ටියර්ගෑස් සිනමා’ (Teargas cinema) සිනමා ශාලාව ඊයේ  (13) පස්වරුවේ විවෘත විය.

අරගලයේ නිරතවීම අතරතුර විවේකය අර්ථවත්ව ගත කිරීම සඳහා දේශපාලන අභියෝග ජයගත් අය ගැන ඓතිහාසික වාර්තා චිත්‍රපට ඇතුළු සිනමා පට ගණනාවක් මෙහිදී ප්‍රදර්ශනය කරන්නට කටයුතු සලසා ඇත.

මෙම සිනමා ශාලාව  සිනමා ප්‍රදර්ශන අංගෝපාංගයන් ගෙන් සමන්විත  වන අතර එකවර 100 කට පමණ මෙහි පනැරඹිමේ හැකියාව පවතියි. මේ ආශ්‍රිතව සිනමා සංවාද සහ වැඩමුළු ඇතුලු සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිත බව දන්වා තිබේ.
 

Leave a Reply

Your email address will not be published.